ව්‍යාපෘති

සුව දිවිය

කායික හා ආධ්‍යාත්මික නිරෝගීකම ලඟා කර ගැනීම උදෙසා අවශ්‍ය නිවැරදි පෝෂණය පිලිබඳ අවබෝධය ලබා දීම සහ එම අරමුණ කරා යාමට අවශ්‍ය වන ප්‍රයෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම.

කෙත් සිසිල

පාරිසරික සමතුලිතතාවය ගොඩ නගමින් සිදු කරන දැහැමි හෙළ ගොවිතැන සඳහා නිවැරදි වගා තාක්‍ෂණය ලබා දී නිරෝගී බවට පදනම වන ඖෂධීය ආහාර නිෂ්පාදනය රට පුරා ව්‍යාප්ත කිරීම.

සරු දෑත

දැහැමි කර්මාන්ත තාක්ෂණය ලබා දීම තුළින් සෞභාග්‍යමත් දැහැමි ආර්ථිකයක් ගොඩනැංවීම

කලා කෙත

දැහැමි කලා නිර්මාණකරණ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා ආධ්‍යාත්මික සහ කලා කුසලතාවය ගොඩ නැංවීම.

හෙළ සංස්කෘතිය නැවත ගොඩ නැංවීමට එක් වෙමු

ව්‍යාපෘතිය තුළින් ප්‍රතිලාභ ලැබීමට අවශ්‍යතාවය තිබීම. උදා: තම පවුලේ දූ දරුවන්ගේ නිරෝගී බව ඇති කර ගැනීමට නිවැරදි ක්‍රමවේදයක් සොයන ඕනෑම අයෙකුට සුව දිවිය ව්‍යාපෘතියට සම්බන්ධ විය හැකියි.

ව්‍යාපෘතියට අදාල ක්‍රියාකාරකම්වල යෙදෙන්නෙකු වීම. උදා: ගෙවතු වගා හෝ වාණිජ වගා කළ හැකි කෙනෙකුට කෙත් සිසිල ව්‍යාපෘතිය සමග එක් විය හැකියි.