අධිෂ්ඨානය

ගැමුණු කුමරුගේ පහසින් සුවය ලැබූ
දේශය හඬයි දරුවන් නැති ලෙසින් වැඩූ
සමිඳුනි භාර කරනෙමි ලක සතින් හැඬූ
සුවකර දෙන්න සැමදෙන අද දුකින් හැඬූ

මාගේ එක ම අධිෂ්ඨානය වනුයේ අනතුරට පත් වී ඇති මෙම රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත්බේරා ගැනීම උදෙසා ආධ්‍යාත්මික ගුණධර්මයන්ගෙන් පරිපුර්ණ වූ දෙමව්පියන් හා දරුවන්ගෙන් සමන්විත වූ පුජනීය මනුෂ්‍ය ප්‍රජාවක් බිහිකර බුදු හිමියන්ගේ දෙපා මුල පුජා කිරීම පමණක් ම ය.
මෙත් සිත මුල් වූ ජාතියක් බිහිවේ වා !
- ප්‍රියන්තා සේනානායක -

ගමන් මග

ගෞතම මුනිඳුන් වැඩි මේ දේශය
සම්බුදු සසුනට පුද කළ දේශය
ගැමුණු පුතාගේ හද පිදු දේශය
අපිත් රකිමු මේ පුද බිම දේශය

ගජිඳු මෙත් ගුණ දැරුනු සිත් සනසන්න හිටියා ඒ නිරින්දා
ගැමුණු වේසෙන් බිමට බැසගත් රජිඳු ගුණ දම් පිරු නිරින්දා
සසුන බේරුවේ දැමුණු සිතකින් ගුණය ලක මත බෙදූ හින්දා
එයයි පුතුනේ අපිට ඉතිරිව තිබුනෙ ලක් බිම අද නමින්දා